Home » සමාජ මාධ්‍යයේ සංසරණයවන අසත්‍ය හඬ පටයක් ගැන දැනුම් දීමක්

සමාජ මාධ්‍යයේ සංසරණයවන අසත්‍ය හඬ පටයක් ගැන දැනුම් දීමක්

by chanaka
January 4, 2025 12:37 pm 0 comment

රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා – 2025 වැඩසටහන‌ට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය මගින් මහජනතාව වෙත සිදු කරන විශේෂ දැනුම් දීමයි’ යනුවෙන් කිසියම් පුද්ගලයෙකු විසින් සිදු කළ අසත්‍ය හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දීමක් කරනු ලැබේ.

පොලිස් ආඥා පනතේ වගන්තියක් සදහන් කරමින් මහජනතාව විසින් නිවෙස් ඉදිරිපිට ප්‍රදේශ පිරිසිදුව තබා ගැනීම ඇතුළු තවත් කරුණු සම්බන්ධයෙන් අවධාරණය කර ඇති බවටත් එසේ නොකරන පුද්ගලයින්ට එරෙහිව 2025.01.15 වැනි දිනෙන් පසු නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවටත් එම හඬ පටයේ සදහන් කර ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම හඬ පටය අසත්‍ය හඬ පටයක් බව පොලිසිය අවධාරණය කරයි.

මෙවැනි හඬ පටයක් ශ්‍රී ලංකා පොලිසිය නිකුත් කර නොමැත.

අදාළ හඬ පටය නිකුත් කළ පුද්ගලයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම සදහා ශ්‍රී ලංකා පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT