Monday, May 12, 2025
Home » මන්ත්‍රිනී කොට්ටහච්චි නීතිවිරෝධී කසළ බැහැර කිරීම‌ට එරෙහිව වැඩට බසියි

මන්ත්‍රිනී කොට්ටහච්චි නීතිවිරෝධී කසළ බැහැර කිරීම‌ට එරෙහිව වැඩට බසියි

by chanaka
January 4, 2025 1:02 pm 0 comment

පානදුර ප්‍රාදේශීය සභා සීමාවේ කෙසෙල්වත්ත කසළාංගනය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය ඊයේ(03) නිරීක්ෂණය කළාය.

පානදුර ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා සහ කෙසෙල්වත්ත සහ තන්තිරිමුල්ල උප කාර්‍යාලයන්හී කාර්‍යභාර නිලධාරීන් මුණ ගැසී කසළ බැහැර කිරීමේ ක්‍රමවේදය සහ කසළ කළමනාකරණය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ මන්ත්‍රීවරිය සාකච්ඡාවක ද නිරත විය.

නීතිවිරෝධී කසළ බැහැර කරන්නන් නීතියේ රැහනට හසු කර ගැනීම සඳහා පොලිස් ආරක්ෂාව තර කිරීම සහ සීසීටීවී කැමරා පද්ධතිය සවි කිරීමේ ක්‍රමවේදයට පියවර එහි දී පියවර ගැණුනි.

පානදුර නගර සභා සහ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් වන අජිත් සිරිසේන, බන්දුල සොයිසා, පියසේන ප්‍රනාන්දු, නිස්සංක ඩයස්, ක්‍රිෂ්ණා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT