Sunday, May 11, 2025
Home » බත්තලන්ගුංඩුව මුහුදේ දී ඇල්ලූ කිලෝ ගණන් රත්‍රං

බත්තලන්ගුංඩුව මුහුදේ දී ඇල්ලූ කිලෝ ගණන් රත්‍රං

by chanaka
January 4, 2025 1:29 pm 0 comment

කල්පිටිය බත්තලන්ගුංඩුව දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස රත්‍රං කිලෝ 11යි ග්‍රෑම් 300ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

අද උදෑසන සිදු කළ මෙම මෙහෙයුමේ දී සැකකරුවන් තිදෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

වයඹ නාවික විධානයට ලද තොරතුරකට අනුව එම විධානයට අයත් නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත විශේෂ යාත්‍රා බලඝනයේ කණ්ඩායමක් යොදවා කල්පිටිය, බත්තලන්ගුංඩුව දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීඹ සිදු කර තිබුණි.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනා කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. එම සැකකරුවන්, රත්‍රං තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග කටයුතු සදහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතය.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන විවිධ ඡාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සදහා නාවික හමුදාව දිවයින වඩා වෙරළ හා මුහුදු තීරය ආවරණයවන පරිදි නිරන්තර මුර සංචාර හා සෝදිසි මෙහෙයුම් සිදු කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT