Home » ‘ක්ලීන් ශ්‍රී ලංකා’ පරිසර අංශයේ ප්‍රධාන වැඩසටහන බෙන්තොටින් ඇරඹෙයි

‘ක්ලීන් ශ්‍රී ලංකා’ පරිසර අංශයේ ප්‍රධාන වැඩසටහන බෙන්තොටින් ඇරඹෙයි

by chanaka
January 4, 2025 9:40 pm 0 comment

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ පරිසර අංශයේ ප්‍රධාන වැඩසටහන මේ මස බෙන්තොට සිට වැලිගම දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නාවික හමුදාව සහ යුද හමුදාව එක්ව සිදු කිරීමට නියමිත බව වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.

මේ සඳහා මාලිමා සාමාජිකයින් දෙදහසක පිරිසක්ද සහභාගී වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ ඇල්පිටිය මූලික රෝහලට විශාල අඩුපාඩුවක්ව තිබූ බාහිර රෝගී අංශයේ බෙහෙත් ශාලාව අද (04) ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට එක් වෙමිනි.

මේ අවස්ථාවට ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා ඇතුළු දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.

ප්‍රදේශයේ දානපතියකුවූ යු.කේ.ඩි.දයානන්ද මහතාගේ රුපියල් ලක්ෂ විසිපහක ධන පරිත්‍යාගයක් මත මෙම බාහිර රෝගී අංශයේ බෙහෙත් ශාලාව ඉදිකළ අතර මේ සඳහා ශ්‍රමදායකත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකයේ හුස්ම වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉංජිනේරු බලකාය විසින් සිදු කරන ලදී.

මෙම අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පැවසුවේ රටේ සුභ සිද්ධිය සඳහා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සකස් කර ඇති බවයි. ඇතැමුන් මේ සම්බන්ධව විරුද්ධව අදහස් පළ කරන්නේ රටේ වෙනසක් සිදුවන මෙම වැඩසටහන ඔස්සේ ඇතැමුන් කරගෙන ජනතා විරෝධී වැඩ කටයුතු අවහිර වෙන නිසා බව නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.

 

අම්බලන්ගොඩ අනුරාධ ප්‍රියදර්ශන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT