ඉතියෝපියාවේ “ඩොෆාන්” කඳුවැටිය ආශ්‍රිතව හටගත් ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් එම ප්‍රදේශය අවට පුද්ගලයින් කඩිනමින් ඉවත් කිරිමට බලධාරීන් පියවර ගෙන තිබේ.
“ඩොෆාන්” කඳුවැටිය පිහිටි මධ්‍යම ඉතියෝපියාවේ “අවාෂ් ෆෙන්ටාලේ” පළාතෙන් පසුගිය සති කිහිපයේ සුළු කම්ම්පන කිහිපයක් වාර්තා වුණා. බලධාරින් විසින් පුරෝකථනය කර තිබුණේ, විශාල භුකම්පනයක් සිදුවිය හැකි බවට ය.
ඊයේ සිදුවූ රිච්ටර් මාපක 5.5 භුකම්පනයත් සමග මෙම ගිනිකන්ද පුපුරායාමකට ලක්ව තිබේ. භූකම්පනය එරට අගනුවර වන “අදිස් අබාබා” දක්වා දැනී ඇති බව සඳහන්වේ.
“ඩොෆාන්” කඳුවැටිය ආශ්‍රිත ප්‍රදේශවල පුද්ගලයින් ආරක්ෂිත ප්‍රදේශ වෙත කඩිනමින් රැගෙන යාමට බලධාරීන් කටයුතු කරමින් සිටි.
එම ප්‍රදේශයේ භූ කම්පන තවදුරටත් සිදු වනු ඇතැයි, අපේක්‍ෂා කෙරෙන අතර, ඉදිරියේදී ඒවා වර්ධනය විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇත.