Home » ව්‍යාජ මුදල් වාර්තා හැදුවාට ඩොනල්ඩ් ට්‍රම්ප්ට දඬුවම් නියෝගයක්

ව්‍යාජ මුදල් වාර්තා හැදුවාට ඩොනල්ඩ් ට්‍රම්ප්ට දඬුවම් නියෝගයක්

by chanaka
January 4, 2025 12:58 pm 0 comment

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇති මුදල් වංචා කිරීමේ නඩුවකට අදාළ දඬුවම ජනවාරි 10 වැනිදා නියම කරන බව නිව්යෝර්ක්හි විනිසුරු ජුවාන් මර්චන් නියෝග කර තිබේ.

ඒ ඔහු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට සති දෙකකටත් අඩු කාලයකට පෙර වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාළව නිව්යෝර්ක් විනිසුරු ජුවාන් මර්චන් ට්‍රම්ප්ට සිර දඬුවමක්, පරිවාස කාලයක් හෝ දඩයක් නියම නොකරන බව සඳහන් කර ඇත.

ඒ වෙනුවට ඔහුට “කොන්දේසි විරහිත නිදහස් කිරීමක්” ලබා දෙන බවත්, තේරී පත් වූ ජනාධිපතිවරයාට පෞද්ගලිකව නඩු විභාගය සඳහා පෙනී සිටිය හැකි බවත් ඔහුගේ නියෝගයේ සඳහන් කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් තම ජනාධිපතිවරණ ජයග්‍රහණය යොදාගෙන ඔහුට එරෙහි මෙම නඩුව නිෂ්ප්‍රභ කිරීමට උත්සාහ කර තිබුණි.

නමුත් විනිසුරුවරයා තීරණය කළේ දඬුවම් නියම කිරීම සඳහා නඩුව ඉදිරියට ගෙන යාමටය.

ට්‍රම්ප්ගේ කණ්ඩායම විනිසුරුවරයා ගත් එම තීරණය විවේචනය කළේ එය නීති විරෝධී නඩුවක් නිසා වහාම නිෂ්ප්‍රභ කළ යුතු බව පවසමින්ය.

වැඩිහිටි චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස්ට ඩොලර් 130,000 (£105,000) ක ගෙවීමක් සම්බන්ධ ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පසුගිය මැයි මාසයේදී වරදකරු කෙරුණි.

2016 මැතිවරණ ව්‍යාපාරයේ අවසාන දිනවල වැඩිහිටි චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස්ට ට්‍රම්ප් සමඟ සිදු වූ බව කියන ලිංගික හමුවීමක් පිළිබඳව නිහඬව සිටීමට මෙම මුදල් ගෙවීම කර තිබුණි.

කෙසේ වෙතත් තේරී පත් වූ ජනාධිපතිවරයා සියලු වැරදි ප්‍රතික්ෂේප කරන අතර, තවදුරටත් තර්ක කරන්නේ මෙම නඩුව ඔහුගේ 2024 ජනාධිපතිවරණ ව්‍යාපාරයට හානි කිරීමේ ප්‍රයත්නයක් බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT