කතරගම පිහිටි රජයට අයත් ඉඩකම හිමිකාරත්වය සම්බන්ධයෙන් මතුව තිබෙන ප්‍රශ්නයකට අදාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (03) දිනයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර තිබුණි.
පැය දෙකකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව ඉන් එළියට පැමිණි යෝෂිත රාජපක්ෂ මහතා, ඔහු එනතුරු මග බලා සිටි මාධ්‍යවේදීන් හමුවේ මුනිවත රැකීමට ඔහු ප්‍රවේසම් විය.
ඉන් පසුව ඔහු, තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීම පිළිබදව කරුණු දැක්වීමක් මාධ්‍ය හමුවේ සිදු කර තිබේ.
ඒ අනුව, ගැටළු සහගත ඉඩම පිළිබද ප්‍රශ්නය මුලින්ම කරලියට පැමිණ ඇත්තේ 2006-2007 වසරවලදී තමන් පාසල් ශිෂ්‍යයෙකුව සිටින අවධියේ දී බව පවසා ඇත. යහපාලන රජය සමයේ නැවත මෙම ඉඩමේ ප්‍රශ්නය කරලියට පැමිණ තිබේ. ඒ අවස්ථාවේ දී ඉඩමට තමන්ගේ නම ඈදී නොතිබුණු බව ද ඔහු කියා සිටියේය.
2023 වසරේ දී එකී ආන්දෝලනාත්මක ඉඩමට ආසන්නයේ පිහිටි පන්සලකට තමන් උපකාර කළ බව පවසන යෝෂිත රාජපක්ෂ මහතා, ඒ වන විට ඉඩම සම්බන්ධයෙන් තමන්ට මතකයක් හෝ නොතිබුණු බවද පවසා ඇත. මේ සියල්ල දේශපාලන පළිගැනීමක පදනමකින් සිද්ධ වන දේවල් යැයි ඔහු චෝදනා කර ඇත.