Home » නැති වූ වාලම්පුරිය ළිඳකින් හමුවෙයි

නැති වූ වාලම්පුරිය ළිඳකින් හමුවෙයි

by yasara
January 4, 2025 11:24 am 0 comment

දොඩංගොඩ ඇළදූව ප්‍රදේශයේ විහාරස්ථානයකින් වසර එකහමාරකට පමණ පෙර සොරකම් කරන ලද වාලම්පුරියක් එම විහාරස්ථානයේම ළිඳක තිබී හමු වී ඇති පුවතක් වාර්තා වෙයි

මෙම වාලම්පුරිය සොරකම් කර ඇති බවට මීට වසර එකමහාරකට පමණ පෙර කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ලැබී තිබෙයි.

ඒ සම්බන්ධයෙන් කාලයක් තිස්සේ සිදුකරන ලද විමර්ශනයේදී එය සොරකම් කරන ලද පුද්ගලයා පිළිබඳව තොරතුරක් සොයාගැනීමට පොලීසියට හැකිව ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව සඳහන්ය.

එම පුද්ගලයා පදිංචි නිවස අවස්ථා කිහිපයකදීම පොලිස් නිලධාරීන් පරීක්ෂා කළද වාලම්පුරිය සොයා ගැනීමට හැකිව ඇත.

ඊයේ(03) කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද දුරකථන ඇමතුමකට අනුව අනාවරණය වී ඇත්තේ වාලම්පූරියක් අදාළ විහාරස්ථානයේම ළිං පතුල තුළ දක්නට ලැබෙන බවයි.

විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ විසින් එය තම විහාරස්ථානයෙන් සොරකම් කරන ලද වාලම්පුරිය බවට හඳුනාගෙන තිබෙයි.

වාලම්පුරියේ පිටත අලංකරණය සඳහා මැණික් ගල් ඔබ්බවා තිබී ඇතිමුත්, එය සොරකම් කළ පුද්ගලයා විසින් එම මැණික් ගල් ගලවාගෙන ඇති බව අනාවරණය වී ඇත.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT