Home » 77වැනි නිදහස් දින සමරු උළෙලේ සංවිධායක කමිටුව හා අගමැතිවරිය අතර හමුවක්

77වැනි නිදහස් දින සමරු උළෙලේ සංවිධායක කමිටුව හා අගමැතිවරිය අතර හමුවක්

by chanaka
January 4, 2025 11:57 am 0 comment

2025.02.04 දිනට යෙදී ඇති 77 වන නිදහස් දිනය නිමිත්තෙන් පවත්වනු ලබන නිදහස් දින සැමරුම් උත්සවයේ සංවිධායක කමිටුව හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ජනවාරි 02වැනිදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

නිදහස් දින උළෙල සම්බන්ධ සංවිධාන කටයුතු, ආරක්ෂක වැඩපිළිවෙළ හා ඉදිරිපත් කරන සංස්කෘතික අංග පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

77 වන නිදහස් දින උත්සවය මෙම වසරේ පෙබරවාරි මස 04 දින කොළඹ 07, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ආචාර්ය ඒ.එච්.එම්.එච් අභයරත්න,මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු , කුමාර ජයකොඩි, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, ලේකම්වරුන් වන ආලෝක බණ්ඩාර, නාලක කලුවැව,එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොත්තා යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT