Home » ශ්‍රී පාද වන්දනාවට පැමිණි රථවාහන හදිසි පරික්ෂාවකට

ශ්‍රී පාද වන්දනාවට පැමිණි රථවාහන හදිසි පරික්ෂාවකට

by chanaka
January 4, 2025 12:44 pm 0 comment

ශ්‍රී පාද වන්දනාකරුවන් රැගෙන එන වාහන සහ මස්කෙලිය සිට නල්ලතන්නිය දක්වා ධාවනය කරන මගී ප්‍රවාහන බස් රථ සහ වෑන් රථ නල්ලතන්නිය පොලිස් නිලධාරීන් විසින් ඊයේ (03) හදිසියේ පරීක්ෂා කර තිබේ.

ඒ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීවය.

එහිදී වාහනවල මගීන්ට අනතුරු සිදුවිය හැකි අන්තරාදායක ලෙස සවි කර තිබූ අමතර කොටස් ගලවා ඉවත් කිරීමටත්‍, අත් තිරිංග, සංඥා ලාම්පු, ප්‍රධාන ලාම්පු ඇතුළු මෝටර් රථ ආඥා පනතේ වාහනයක් ධාවනය කිරීමට පනවා ඇති කරුණු 21ක් කෙරෙහි මෙහිදී අවධානයට ලක් කෙරුණි.

එහිදී අඩුපාඩුකම් සහිත වාහන කිහිපයක් පොලිස් අවධානයට ලක් වූ අතර එම අඩුපාඩුකම් සපුරා ගැනීමට රියදුරන්ට දින 14ක කාලයක් ද ලබා දෙන ලදී.

එම කාලය අතරතුරු එම වාහනය ධාවන කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් වාහනවල ආදායම් බලපත්‍රය පොලිස් භාරයට ගැණුණි.

නල්ලතන්නිය පොලීසිය පැවසුවේ, ශ්‍රී පාද වන්දනාකරුවන් ප්‍රවාහනය කළ වාහනවල අඩුපාඩුකම් සපුරාගෙන ඔවුන් පදිංචි පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ නිලධාරීන් වෙත ඉදිරිපත් කර එහි වාර්තාවක් නල්ලතන්නිය පොලීසිය වෙත යොමු කළ යුතු බවය.

එමෙන්ම එම වාර්තාව ලැබෙන මෙත් එම වාහනවලද ආදායම් බලපත්‍ර නල්ලතන්නිය පොලිස් භාරයට ගැනීමටත් පොලීසිය කටයුතු කරනු ලැබුවේය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT