Saturday, May 10, 2025
Home » නව දිශාවකට රට ගෙන යන්න ප්‍රධාන ව්‍යාපෘති 03ක්

නව දිශාවකට රට ගෙන යන්න ප්‍රධාන ව්‍යාපෘති 03ක්

by chanaka
January 5, 2025 5:42 am 0 comment

ඉදිරි වසර කිහිපය තුළදී රට නව දිශානතියකට ගෙන ඒම සඳහා ප්‍රධාන වැඩපිළිවෙළ තුනක් දැනටමත් ප්‍රකාශ කර තිබෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. ඒ යටතේ ‘ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය’, ‘රට ඩිජිටල්කරණ ව්‍යාපෘතිය’ සහ ‘ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙළ’ ඇතුළත් බව ඔහු පැවසුවේය.

ශ්‍රී ලංකාව ආර්ථික, සමාජයීය, දේශපාලන, සංස්කෘතික යන සෑම අතින්ම ගොඩගැනීම සඳහා සහ පුනර්ජීවනයක් ඇති කිරීම සඳහා මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ද ඇමැතිවරයා කීවේය.

එය තනි අමාත්‍යාංශයට මෙහෙයවිය හැකි කටයුත්තක් නොවන බවත් ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් අමාත්‍යාංශ ගණනාවක් ඒකාබද්ධව කටයුතු කරන සංයුක්ත වැඩපිළිවෙළක් බවත් ඔහු සඳහන් කළේය.

විශේෂයෙන්ම ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යනු රට පාරිසරිකව, සමාජයීයව, ආචාර ධාර්මිකව ඉහළ තැනකට ඔසවා තැබීම සඳහා විද්‍යානුකූලව සකස් කරන ලද වැඩපිළිවෙළක් බවද එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ස්වේච්ඡා සංවිධාන රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ද එක්ව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

මූලාශ්‍ර – සිළුමිණ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT