Saturday, May 10, 2025
Home » ලබන 08 වැනිදා සිට ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර ඇගයීමට සූදානම්

ලබන 08 වැනිදා සිට ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර ඇගයීමට සූදානම්

by chanaka
January 5, 2025 5:45 am 0 comment

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ මස 8 වැනිදා සිට 12 වැනිදා දක්වා දිවයින පුරා සිදු කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර සිළුමිණට පැවැසීය. සාමාන්‍ය ක්‍රමවේදයට අනුව ප්‍රතිඵල නිකුත් කිරීමට එදින සිට දින 40 ක් පමණ ගත වන බවත්, මෙවර එම කාලය තවත් අවම කර ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි සෑම උත්සාහයක්ම දරන බවත් කොමසාරිස් ජනරාල්වරයා කීය.

මේ පිළිබඳව අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙසේද සඳහන් කළේය.

“උසාවි තීන්දුවට අනුව ගැටලුකාරි ප්‍රශ්න 3ට නිදහස් ලකුණු ලබා දී ශිෂ්‍යත්ව විභාග ඇගැයීම් කටයුතු ආරම්භ කරන්න තීරණය කළා.

මේ තීරණයේ නීත්‍යනුකූල බව පිළිබඳ විවිධ අය විමසීම් කළා. ඒ තීරණය උසාවි නියෝගයට පටහැණි වේද නැතිනම් ගැටලු මතුවේද යන්න නැවතත් නීතිපති දෙපාර්තමේන්තුව හරහා ස්ථිර කිරීමක් කර ගත්තා. ඒ අනුව මේ තීරණය නීත්‍යනුකූල බව තහවුරු වුණා.

මේ වන විට විභාගය පවත්වා මාස තුනහාමාරක පමණ කාලයක් ගත වී තියෙනවා. නව පාසල් වාරය ජනවාරි 27 වැනිදා ආරම්භ කෙරෙනවා. මෙවර ප්‍රතිඵල ඇගැයීමේදී අභියෝග ගොඩාක් තියෙනවා. උසස් පෙළ ඇගැයීම් කටයුතු පසුගිය 2 වැනිදා ආරම්භ කළා. එය අඛණ්ඩව ඉදිරියට යනවා. කවදාවත් ප්‍රධාන විභාගයන් දෙකක ඇගැයීම් කටයුතු එකවිට සිදු වන්නේ නැහැ. මෙය විභාග ඉතිහාසයේ සංකීර්ණ අවස්ථාවක්. නමුත් මේ විභාග දෙකම කල් දැමිය යුතු විභාග නොවන හෙයින් ඒ අභියෝගය භාර ගනිමින් විභාග ඇගැයීම් කටයුතු සමාන්තරව සිදුකෙරෙනවා. මේ සඳහා අදාළ නිලධාරීන් දිගටම කාර්යයේ යෙදෙනවා. කුමන බාධා මැද වුවද හැකි ඉක්මනින් ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරන්නට උත්සහ කරනවා.“

මූලාශ්‍රය – සිළුමිණ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT