Home » කඳු තරණය කරන ශ්‍රී ලංකාවේ යොහාන්ගේ එකම බලාපොරොත්තුව

කඳු තරණය කරන ශ්‍රී ලංකාවේ යොහාන්ගේ එකම බලාපොරොත්තුව

by chanaka
January 5, 2025 9:52 am 0 comment

ලෝකයේ මහාද්වීප හතේ උසම කදු මුදුන් තරණය කර , ඒවායේ ශ්‍රී ලංකා ජාතික ධජය එසවීම තම එකම බලාපොරොත්තුව සහ අභිලාෂය බව ශ්‍රී ලාංකික කඳු තරණය කරන්නෙකු වන යොහාන් පීරිස් මහතා අද (05) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය.

ඔහු මේ වනවිට ඕස්ට්‍රේලියාවේ කොසිඔස්කෝ , අප්‍රිකාවේ කිලිමැන්ජාරෝ , යුරෝපයේ එල්බ්‍රෙස් සහ ආසියාවේ එවරස්ට් යන කඳු හතර සාර්ථකව තරණය කර තිබෙන අයෙකි.

ඔහු මෙවර ඇන්ටාටිකාවේ උසම කඳු මුදුන වන මීටර් 4,690 ක් උස මවුන්ට් වින්සන්ට් තරණය කිරීම සදහා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

මීට අමතරව ආජෙන්ටිනාවේ ඇකන්කගුවා සහ ඇලෙස්කාවේ මවුන්ට් දිනාලි කඳු මුදුන් තරණය කිරීමට ඔහුට තවදුරටත් ඉතිරි වී ඇති අභියෝගය වේ.

මෙම කඳු මුදුන් 07 ම සාර්ථකව තරණය කළ , ලෝකයේ කදු නගින්නන් 350 දෙනෙකු සිටින බව ද , තමා ද ඔවුන් අතරට එක් වී ශ්‍රී ලංකාවට කීර්තිය රැගෙන ඒමට බලාපොරොත්තුවෙන් මෙම කඳු තරණය කිරීම සිදු කරන බව යොහාන් පීරිස් මහතා සඳහන් කළේය.
යොහාන් පීරිස් කොළඹ , බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි රූපලාවණ්‍ය ශිල්පියෙකි.

කටුනායක ටී.කේ.ජී.කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT