Home » නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

by yasara
January 5, 2025 10:02 am 0 comment

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර අද (05) පැවැති පළමු එක්දින තරගය කඩුලු 09කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩාම සමත්විය.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත එක්දින නායක මිචෙල් සැන්ටර් විසින් පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනය කළේය.

ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 43 යි පන්දු 4 ක් අවසානයේ දී සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 178 ක් පමණි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 56ක් රැස් කළ අතර ජනිත් ලියනගේ ලකුණු 36ක් සහ වනිඳු හසරංග ලකුණු 35ක් රැස් කළේය.

පන්දු යැවීමේ දී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Matt Henry කඩුලු 4ක් දවා ගත් අතර Jacob Duffy සහ Nathan Smith කඩුලු 2 බැගින් දවා ගත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT