Home » දුමින්ද සිල්වා ඉන්න වාට්ටුවේ අලුත්ම ඡායාරූප මාධ්‍යයට නිකුත් කරයි – කිසිදු විශේෂත්වයක් කරන්නේ නැතිලු

දුමින්ද සිල්වා ඉන්න වාට්ටුවේ අලුත්ම ඡායාරූප මාධ්‍යයට නිකුත් කරයි – කිසිදු විශේෂත්වයක් කරන්නේ නැතිලු

by chanaka
January 5, 2025 10:14 am 0 comment

මරණීය දණ්ඩනයට නියමව සිටින දුමින්ද සිල්වා මහතාට බන්ධනාගාර රෝහලේ විශේෂ පහසුකම් ලැබෙන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන අතරේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් දුමින්ද සිල්වා ප්‍රතිකාර ලබන වාට්ටුවේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ වාට්ටුවේ අංක 3 හි නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, තවත් රැඳවියන් 50කට වැඩි පිරිසක් එහි ප්‍රතිකාර ලබමින් සිටින බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පවසයි.

දුමින්ද සිල්වා මුලින් බන්ධනාගාරයට මාරුකර යවන විට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂවරයා වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර කළ යුතු බවට නිර්දේශ කළ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

දුමින්ද සිල්වා මේ වන විට බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිටියි.

එසේම දුමින්ද සිල්වා තවදුරටත් බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත යුතුද යන්න පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විධිමත් විමසීමක් කර ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

තත්ත්වය තක්සේරු කිරීම සඳහා වෛද්‍ය මණ්ඩලයක් පත්කර ඇති අතර, ඔවුන්ගේ නිර්දේශ මත බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

දුමින්ද සිල්වාට විශේෂ පහසුකම් ලබාදීමක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ මාධ්‍යන් තුළන් විවේචනාත්මක පුවත් පලවී තිබූ අතර, එම පුවත් දැඩිව ප්‍රතික්ෂේප කරන බවත් එවැනි ආකාරයේ කිසිදු විශේෂ පහසුකමක් මෙම සිරකරුහට ලබා දීමක් සිදු වී නැතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා අවධාරණය කර සිටියි.

මේ පිළිබදව කරුණු සොයාබැලීමට මූලික විමර්ශන දෙකක් සිදු කල අතර ස්ථාන පරික්ෂාවන් හා මූලිකවිමර්ශන වාර්තා අනුව අදාළ සිරකරුට වෙනම වැසිකිලියක් හෝ විශේෂ පහසුකමක් ලබා දී නොමැති බව අනාවරණය කර තිබේ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT