Home » ‘Clean Sri Lanka’ ව්‍යාපෘතියට සමගාමීව විශේෂ රථ වාහන මෙහෙයුමක්

‘Clean Sri Lanka’ ව්‍යාපෘතියට සමගාමීව විශේෂ රථ වාහන මෙහෙයුමක්

by chanaka
January 5, 2025 10:47 am 0 comment

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව විශේෂ රථවාහන මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ලෙස එය ලබන 19 වැනිදා දක්වා ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

රිය අනතුරු හා රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව පළමු මෙහෙයුම මගින් රථවාහනවල විවිධ නාද රටා විවිධ වර්ණ සහිත නිවෙන දැල්වෙන අමතර පහන්,නීතිවිරෝධී සවිකිරීම් , ඝෝෂාකාරී නලා ,අධික ශබ්ද සහිත සයිලන්සර්,අනතුරු ඉහළ යන ආකාරයෙන් සවිකර ඇති රූප සහ පිළිම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරේ.

දෙවන මෙහෙමේදී උපාය දූතයින් යොදවා පොදු ප්‍රවාහන බස් රථ ධාවනයේදී රියදුරන් සිදු කරන වැරදි අනාවරණය කරගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කෙරෙනු ඇත.

ඊයේ(04) ආරම්භ කෙරුණු මෙම මෙහෙයුම් ලබන 19 වැනිදා දක්වා සති දෙකක කාලයක් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මකය.

එහිදී රියදුරන් වෙත අවවාද කර දැනුවත් කිරීම් සිදු කෙරේ.

පළමු මෙහෙයුමට අදාළව රථ වාහනවල සවිකර ඇති අමතර කොටස් වාහනවලින් ඉවත් කිරීමට ද කාලයක් ලබා දෙන බව පොලීසිය පවසයි.

ඉදිරියේදී මෙම ක්‍රමවේද අඛණ්ව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන අතර රථවාහන වැරදිවලිට අදාළව නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය අවධාරණය කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT