Thursday, May 15, 2025
Home » සූරියප්පෙරුම මහතා අද දැයෙන් සමු ගනියි

සූරියප්පෙරුම මහතා අද දැයෙන් සමු ගනියි

by chanaka
January 5, 2025 11:10 am 0 comment

අභාවප්‍රාප්ත ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතාගේ අවමංගල්‍යය අද(05) බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය . පසුගියදා ඔහු මිය යන විට 96වැනි වියෙහි පසුවිය.

1928 ජුනි මස 08වැනිදා උපත ලැබූ සූරියප්පෙරුම මහතා ක්‍රියාකාරී දේශපාලනඥයකි. ඔහු එක්සත් ජාතික පක්ෂයෙත් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් සාමාජිකත්වය දරා තිබේ.

1980 දශකයේ දී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙසද පත්විය.

ශ්‍රී ලංකා නිදහස් පක්සයේ දැදිගම සංවිධායක ලෙස ද කලක් කටයුතු කළ ඒ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස 2010 සිට 2015 දක්වා කාලයේ කටයුතු කළේය.

විශ්වවිද්‍යාල ආචාර්‍යවරයෙක් වූ සූරියප්පෙරුම මහතා රූපවාහිනි වැඩසටහන්වලට සහ සංවාදවලට සහභාගි වෙමින් ජනප්‍රිය විය.

ඒ මහතා පුවත්පත්, ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍යයන්හි දේශපාලන, ආර්ථික හා ශාස්ත්‍රීය සංවාදවලට සහභාගී වෙමින් ශ්‍රී ලාංකිකයන් දැනුමෙන් පෝෂණය කිරීමට කටයුතු කළේය.

දීර්ඝ කාලීන දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියන ජේ.ආර්. පී සූරියප්පෙරුමව රටම හඳුනා ගත්තේ දොරමඬලාව වැඩසටහන තුළිනි.

ඒ මහතාගේ දේහය මේවන විට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර අදාහනය අද පස්වරු 4.30ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT