Sunday, May 11, 2025
Home » බස් රථවල නීති විරෝධී සවිකිරීම් ඉවත් කරන්න සති දෙකක කාලයක්

බස් රථවල නීති විරෝධී සවිකිරීම් ඉවත් කරන්න සති දෙකක කාලයක්

by chanaka
January 5, 2025 9:43 pm 0 comment

වාහන සඳහා යොදා ඇති නීති විරෝධී එකතු කිරීම් ඉවත් කර ගැනීම සඳහා ජනවාරි 19 දක්වා සහන කාලයක් ලබා දී ඇතැයි පොලි​ස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

රථ වාහනවලින් සිදුවන අනතුරු අවම කරගැනීම ඉලක්ක කරගෙන Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් දියත් කර ඇති එක් ව්‍යාපෘතියක් වන්නේ මේ ආකාරයෙන් රථවාහනවල විවිධ නාද රටා, විවිධ වර්ණ සහිත නිවෙන දැල්වෙන අමතර පහන් සවි කර ධාවනය, නීති විරෝධී සවි කිරීම්, ඝෝෂාකාරී නලා සවි කිරීම්, අධික ශබ්ද සහිත සයිලන්සර්, අනතුරු ඉහළ යන ආකාරයෙන් අන්ත්‍රාදායක ලෙස අමතර කොටස් සවි කිරීම සම්බන්ධව අවධානය යොමු කරමින් එවැනි වාහනවල අදාල අමතර කොටස් ඉවත් කර ආරක්ෂිත තත්ත්වයට පත් කිරීමය.

මෙම මෙහෙයුම් ඊයේ (04) දින සිට එළැඹෙන 19 වැනි දින දක්වා සති දෙකක කාලයක් රියදුරන් හා මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරමින් තිබේ.

එහිදී රියදුරන් වෙන අවවාද කර දැනුවත් කිරීමට කටයුතු කරන බවත් මෙම පළමු මෙහෙයුමට අදාළව රථවාහනවල සවි කර ඇති අමතර කොටස් එම කාලය තුළ වාහනවලින් ඉවත් කිරීමට කටයුතු නොකරන රියදුරන් සහ බස් රථ හිමියන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිසිය පවසයි.

ඉදිරියේදී මෙම ක්‍රමවේදය නොකඩවා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර පොදු ප්‍රවාහන බස් රථවලට උපාය දූතයින් යොදවා තොරතුරු ලබා ගෙන සිදුකරන වැරදිවලට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කිරීමටත් නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT