Sunday, May 11, 2025
Home » මැණික් අපනයනයෙන් ශ්‍රී ලංකාව අපේක්ෂිත ආදායම වැඩි කරගන්න චාන්ස් එකක්

මැණික් අපනයනයෙන් ශ්‍රී ලංකාව අපේක්ෂිත ආදායම වැඩි කරගන්න චාන්ස් එකක්

by chanaka
January 5, 2025 9:44 pm 0 comment

මේ වසරේ මැණික් අපනයනයෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 01 ආදායමක් ලබා ගැනීමට ඉලක්ක කරගෙන තිබෙන නමුත්, එය රුපියල් බිලියන 05 දක්වා වැඩි කර ගැනීමට හැකි බව මැණික් විද්‍යාඥ එස්.ඩි. බුත්පිටිය මහතා ප්‍රකාශ කළේය.

මෙරට මැණික් කර්මාන්තයේ නියැලී සිටින මැණික් ගැනුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට හමුවිය හැකි හොදම ස්ථානයක් නිර්මාණය කරමින් අද (05 ) උදෑසන 10.00 සිට සවස 2.00 දක්වා කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේදී පැවති මැණික්පොළ අවස්ථාව අමතමින් ඒ මහතා එසේ කීය.

මැණික් ක්ෂේත්‍රයේ කුමන තරාතිරමක සිටින අයකුට වුව කුඩා ප්‍රමාණයෙන් මැණික් ගනුදෙනු රුවෙකු හෝ විශාල ලෙස මැණික් ගණුදෙනු කරන අයෙකු වුවත්, සෑම කෙනෙකුටම සහභාගි විය හැකි මේ මැණික්පොළ සංවිධාන කොට තිබුණි .

ඕනෑම මැණික් ගල් වර්ගයක් අලෙවි කිරීමට මෙහිදී ඉඩකඩ හැකියාව සලසා ඇත.

එය රුපියල් 5000 ක ගණුදෙනුවක් හෝ මිලියන ණනක ගනුදෙනුවක් හෝ ඉතා ආරක්ෂිකාරිව කර ගැනීමට හොද අවස්ථාවක් නිර්මාණය කර තිබේ.

මැණික් ව්‍යාපාරයට සම්බන්ධ වීමට කැමති ආධුනික අයෙකුට පවා මෙය ඉතා හොඳ ස්ථානයකි.

රුපියල් 5000ක මැණිකක් වුවද මිලදී ගැනීමට සූදානම්ව පැමිණෙන කුඩා මැණික් පතල්කරුවන්ට සහ අලෙවිකරුවන්ට මෙම පොළෙන් විශාල වාසියක් සැලසේ.

ඒ අනුව ඔවුන්ට තවදුරටත් තැරව් කරුවන් පසුපස යාමට අවශ්‍යය නැත.

මැණීක් පොළේ දී මැණික් කැමති ආකාරයට විකුණා ගැනීමේ පහසුව සලසා ඇත.

මෙය මැණික් ප්‍රදර්ශනයක් නොව මැණික් ව්‍යාපාරිකයන්ට මැණික් මිලදී ගැනීමට මැණික් විකිණීමට සුදුසුම ස්ථානයක් බව සංවිධායක මණ්ඩලය පවසයි.

මැණික් හඳුනාගැනීමේ සේවාව, මැණික් කැපුම් සේවාව, මැණීක් මිලදී ගැනීමට මුල්‍ය ආධාර සේවාව, දවසේ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සොයා දීමේ සේවාව, පොලිස් අධීක්ෂණය සහිත සුරක්ෂිත වෙළඳ කලාපය සහ ගොඩනැගිල්ල තුළම බැංකු පහසුකම් සහිත පරිසරයක් තුළ මැණික් පොලේ අත්දැකීම් ලබාගත හැකිය.

ජයසිරි මුණසිංහ
ඡායාරූප – රංජිත් අසංක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT