Saturday, May 10, 2025
Home » රත්මලාන ගුවන් හමුදා කඳවුරේ නවීන පහසුකම් සහිත පෙර පාසලක්

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ නවීන පහසුකම් සහිත පෙර පාසලක්

by chanaka
January 5, 2025 9:42 am 0 comment

ශ්‍රී ලංකා ගුවන් හමුදාව අනාගත පරපුරේ උන්නතියට දායක වෙමින් ගුවන් හමුදා රත්මලාන කඳවුරේ නවීන පහසුකම් සහිතව ඉදිකරන ලද පෙර පාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය.

එම අවස්ථාව සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ මහතා ද සහභාගි විය.

නවීන පහසුකම් සහිත මෙම පෙර පාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය විදුහල්පති කාර්යාලයක්, ගුරු විවේකාගාරයක්, ළමුන් 100 දෙනෙකුට පමණ අධ්‍යාපනය ලබාගත හැකි ඉඩකඩ සහිත පන්ති කාමර හතරක් සහ පුද්ගලයන් 200 දෙනෙකුට පමණ අසුන් ගත හැකි ශ්‍රවණාගාරයක් යන ආකාරයේ පහසුකම් ඇතුළත් වේ. එමෙන්ම දිවා සුරැකුම් මධ්‍යස්ථානය තුලින් එකවර දරුවන් 20 දෙනෙකුට ආරක්ෂිත හා ගුණාත්මක සත්කාරක සේවයක් සපයා දීමේ හැකියාව ඇති අතර එමගින් රැකියාවේ නියුතු කාර්‍යබහුල දෙමාපියන්ගේ ජීවන රටාවන්ට උපරිම සහය ලබා දීමේ හැකියාව සැලසෙනු ඇත.

මෙම නවීන පහසුකම ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින්ගේ දරුවන්ට පමණක් නොව, අනෙකුත් සියලු දරුවන්ටද විවෘතව පවති. සියලුම පෙර පාසල් දරුවන්ට ඉතාමත් යෝග්‍ය හා උසස් අධ්‍යාපන පරිසරයක් සහිතව මුල් ළමාවිය සංවර්ධනය කිරිමෙහිලා මහඟු දායකත්වයක් සපයනු ලබයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා පෙර පාසල් තාක්ෂණික උපදේශිකා වෛද්‍ය තුෂාරි කෝරලගේ මහත්මිය, ප්‍රඡාව කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීමට එහි ඇති හැකියාව ඉස්මතු කරමින් වැඩිදියුණු කරන ලද පහසුකම් පිළිබඳව සිය සතුට පළ කලාය. එමෙන්ම උසස් තත්වයේ ඉගෙනුම් වටපිටාවක් සහ සුදුසුකම් ලත් ආචාර්ය මණ්ඩලයක් සමඟ ලබාදෙන ශක්තිමත් අධ්‍යාපනික අඩිතාලම ගුවන් හමුදා සාමාජිකයින්ගේ දරුවන්ට පමණක් නොව පුළුල් ප්‍රජාවේ දරුවන්ටද ලබාගත හැකි මෙන්ම ඒ සඳහා අයදුම් කිරීමට අවකාශය සළසා ඇති බව ඇය වැඩිදුරටත් ප්‍රකාශකර සිටියාය.

ආගමික වතාවත්වලින් ආරම්භ වූ මෙම විශේෂ අවස්ථාවට ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරීතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පෙර පාසලේ විදුහල්පති සහ ගුරුභවතුන් මෙන්ම දූ දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT