Friday, May 16, 2025
Home » මහසෙන්ට යළි ප්‍රතිකාර

මහසෙන්ට යළි ප්‍රතිකාර

by chanaka
January 5, 2025 11:14 am 0 comment

තුවාල ලබා සිටින මහසෙන් හස්තියාට නැවතත් ප්‍රතිකාර ආරම්භ කර තිබේ. දකුණු පාදයට ඉහළින් සහ පසුපස ප්‍රදේශයේ තුවාල කිහිපයක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

ලංකාවේ වන ඇතුන් අතරින් විශාලම දළ යුඟලයකට හිමිකම් කියන මහසෙන් හස්තියා වසර දෙකක පමණ කාලයක සිට කැකිරාව ප්‍රදේශයේ රැඳී සිටියි.

අවස්ථා ගණනාවකදී හස්තියාට ප්‍රතිකාර කෙරුණු අතර නැවත වරක් ඇතාගේ පිටුපස ප්‍රදේශයේ සහ දකුණු පාදයට ඉහළින් තුවාල කිහිපයක් නිරීක්ෂණය වී තිබේ.

ඒ පිළිබඳව වාර්තා වීමත් සමග අනුරාධපුර කලාප භාර වනජීවි පශූ වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු පශූ වෛද්‍ය කණ්ඩායම ප්‍රතිකාර ආරම්භ කළේය.

අයහපත් කාලගුණය හේතුවෙන් වෛද්‍ය කණ්ඩායමට ප්‍රතිකාර කිරීම සඳහා මහත් වෙහෙසක් දැරීමට සිදුවු අතර කිලෝමීටර් 4 ක පමණ දුරක් ඇවිද ගොස් ප්‍රතිකාර සිදුකළ බව වාර්තා වේ.

මහසෙන් හස්තියාට සිදුවී ඇති තුවාල වෙඩි වැදීමකින්ද එසේත් නොමැති නම් වෙනත් ඇතෙකුගේ පහරදීමකින් සිදුවු ඒවාද යන්න මෙතෙක් තහවුරු කර ගැනීමට හැකිවී නැත.

කෙසේ වූවද හස්තියා නිරීක්ෂණය කරමින් අඛණ්ඩව ප්‍රතිකාර සිදුකරන බව පණ්ඩුලගම වනජීවි පශූ වෛද්‍ය ඒකකය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT