රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක පමණ වියදමින් නවීන පහසුකම් සහිතව ඉදිකරන ලද නැඟෙනහිර පළාතේ ප්‍රථම පොලිස් දේශන ශාලාව නැඟෙනහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ආචාර්ය අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.
මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරි කාර්යාල පරිශ්‍රයේ ඉදිකරන ලද ගොඩනැඟිල්ල විවෘත කිරීමේ උත්සවයට මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, කන්තලේ පොලිස් අධිකාරි කොට්ඨාසවල අධිකාරිවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ. මෙම විවෘත කිරීමේ උත්සවයට මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය පොලිස් ස්ථාන 14 භාර නිලධාරීන්, මන්මුණේ උතුර ප්‍රාදේශීය ලේකම් පී. වාසුදේවන්, කාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් යූ.උදයසිරිතර් යන මහත්වරුන් ඇතුළු ආරාධිතයෝ රැසක් ද එක්ව සිටියහ.
දීර්ඝකාලීන අවශ්‍යතාවක්ව පැවති පොලිස් දේශන ශාලාව, විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා නවීන පහසුකම්වලින් සමන්විතව ඉදිකර ඇති අතර, එය මඩකලපුව දිස්ත්‍රික් ගොඩනැඟිලි ඉදිකිරීම් දෙපාර්තමේන්තුව මඟින් ස්ථාපිත කරනු ලැබ තිබීම විශේෂත්වයකි.
මඩකලපුව – ටී.එල්. ජව්ෆර්කාන්