Sunday, May 11, 2025
Home » කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමට කඩිනමින් පියවර

කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමට කඩිනමින් පියවර

by chanaka
January 5, 2025 9:48 pm 0 comment

කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය සේවයේ පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගන්නා බවත් එම පුරප්පාඩු පුරවා ගොවි ජනතාව ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත්‍රෙය් ව්‍යවසායකයන් වෙනුවෙන් උපරීම සේවය ලබා දෙන බවත් කෘෂෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පවසයි.

විශේෂයෙන්ම රජයට සම්බන්ධ පශු වෛද්‍යවරුන් සහ වනජීවී නිලධාරීන්ගේ හිගය කැපී පෙනෙන බැවින් හැකි ඉක්මනින් ඒ සඳහා කටයුතු කරන බව පසුගියදා මහනුවර පැවති කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ ප්‍රගති සමාලෝචනයකට සහභාගී වීමෙන් අනතුරුරව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
.
ගොවි ජනයා රැක ගැනීම වත්මන් රජයේ මූලික අරමුණ බවත්, එ වෙනුවෙන් රජය සෑම විටම කටයුතු කරන බවත් පැවසූ අමාත්‍යවරයා, ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය යළි ගොඩ නැංවිය යුතු බව පැවසීය.

විටින් විට විවිධ ගැටලු මතු වූවත් මෙරට ජනතාව කුසගින්නේ නොතියන්නට ගොවි ජනතාව කටයුතු කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරය අඩුපාඩු තිබුණත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිලධාරීන් ඒ වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබුණි.

කෘෂි කාර්මික ක්ෂේත්‍රයට අදාළ මෙම පුරප්පාඩු හැකි ඉක්මනින් පුරවන බවත්, වී අලෙවි මණ්ඩලය වැනි ආයතන යළි සක්‍රීය කොට මහජනතාව වෙත සහන සැපයීමට කටයුතු යොදන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT