Home » පර්පචුවල් සමාගම තවත් මාස 6කට අත්හිටුවයි

පර්පචුවල් සමාගම තවත් මාස 6කට අත්හිටුවයි

by sachintha
January 6, 2025 1:48 am 0 comment

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු තවත් මාස 06කට අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව ඊයේ (05) සිට ක්‍රියාත්මක වන පරිදි එම සමාගමේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන විමර්ශන තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින් මේ තීරණය ගෙන තිබේ.

එම සමාගම ප්‍රාථමික අලෙවිකරුවකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම ඊයේ (05) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස 06ක කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT