Home » දකුණු කළුතර දුම්රිය පීළිපැනීමක්

දකුණු කළුතර දුම්රිය පීළිපැනීමක්

by chanaka
January 6, 2025 7:51 am 0 comment

දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය පීලිපැනීම හේතුවෙන් දුම්රිය ගමනට බාධා සිදුව ඇතැයි දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.

ඊයේ (05) රාත්‍රියේ මරදාන සිට දකුණු කළුතර දක්වා පැමිණ ඉන් අනතුරුව දුම්රිය අංගනය වෙත ගමන් කළ දුම්රියක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇත.

පීලිපැනීමෙන් අනතුරුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් දුම්රිය මන්තීරුවක් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබුණි.

මේ වන විට දුම්රිය සේවකයින් එම පීලිපැනීමකට ලක්වූ දුම්රිය ඉවත්කොට ඇති අතර, උදෑසන වනතෙක් එක් දුම්රිය මාර්ගයක් අවහිරව පවතින බව වාර්තා වේ.

ඒ අනුව දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් ධාවනය වන සියලුම දුම්රියන් එක් මන්තිරුවකට සීමා වී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT