චීනයෙන් යළිත් හිස ඔසවන නව වයිරසයක් ගැන යළිත් නොයෙක් කතා මේ දිනවල පැතිරෙයි.
කොරෝනා රෝගය 2019 වසරේදී චීනයෙන් ආරම්භ වී ලෝකයේ බොහෝ රටවල් පුරා ඉතා ශීඝ්‍රයෙන් පැතිර ගියේ ලෝකයටම මහත් වූ අනිටු පලවිපාක රැසක්ම ලබා දෙමිනි. එහිදී බොහෝ ජීවිත ප්‍රමාණයක් අහිමි කරමින් ලෝකයටම කොරෝනා මළගම සිදුවුණි. දැන් 2025ට නව වයිරසයක් උද්ගත වී ඇත. ඒ හියුමන් මෙටානියුමෝනියා හෙවත් HMPV නම් වයිරසයයි. මේ සම්බන්ධයෙන් වර්තමානයේදී බොහෝ කතා පැතිරෙයි. මෙම රෝගය කොරෝනා රෝගයට සමාන ලක්ෂණ පෙන්නුම් කරන බවත් උණ රෝගයට සමාන බවත් කියවෙයි. එලෙසම අනෙකුත් ස්වසන රෝගයන්ට සමාන ආකාරයෙන් සම්ප්‍රේෂණය පෙන්නුම් කරන අතර කන් අසාදනය සහ නිව්මෝනියා රෝගය වර්ධනය කිරීමක් මෙම රෝගයෙන් සිදු වේ. මෙම රෝගයෙන් වැඩිම බලපෑම ඇත්තේ කුඩා දරුවන්ට, අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ට හා දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සහිත පුද්ගලයන්ටය. එලෙසම කැස්ස, කිවිසුම් යෑම ඇතිවන අත් මඟින් , ස්පර්ශය මඟින්, මුඛය, නාසය, ඇස් ස්පර්ශය මඟින් මෙම රෝගය පැතිර යෑමට ඉඩ ඇත. මින් ආරක්ෂා වීමට නම් අවම වශයෙන් තත්පර 20ක් වැනි කාලයක් සබන් යොදා අත් සේදීම රෝග ලක්ෂණ පෙන්නුම් කරන අයගෙන් ඈත් වී සිටීම, නිතර පිරිසුදුව සිටීම කළ යුතු වේ. මෙම රෝගය ලංකාවට පැමිණියහොත් ඉන් ආර්ථික, සමාජ, සංස්කෘතික වශයෙන් මධ්‍යකාලීන, දිගුකාලීන බිඳවැටීමක් සිදු වන බවට කිසිදු සැකයක් නොමැත. නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, පුහුණුව ලැබූ වසංගත රෝග පිළිබද විශිෂ්ටයන් මත විශ්වාසය තබා ගැනීම මෙම රෝගයෙන් ගැලවීමට පහසු ක්‍රමයක් වෙයි.
නමුත් මෙම රෝගය සම්බන්ධ නිශ්චිත එන්නත් හෝ ප්‍රතිකාරකයක් තවමත් සොයා ගෙන නොමැත. එලෙසම සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරන්නේ මෙම රෝගය සම්බන්ධව අනියත බියක් ඇති කර ගැනීම අනවශ්‍ය බවයි. මේ සම්බන්ධ නිල ප්‍රකාශ තවමත් නොමැති බැවින් චීනය තුළ පමණක් මෙම රෝගය දැනට පැතිර යන බවට සමාජ මාධ්‍ය පෙන්වා දෙයි.