Home » චීනයේ ඉන්ෆ්ලුවෙන්සාව වසංගතයක් නොවෙයි: සීත සෘතු ශ්වසන රෝග තත්ත්වයක්

චීනයේ ඉන්ෆ්ලුවෙන්සාව වසංගතයක් නොවෙයි: සීත සෘතු ශ්වසන රෝග තත්ත්වයක්

-චීනයෙන් - ඉන්දියාවෙන් නිවේදන

by sachintha
January 6, 2025 1:58 am 0 comment

මේ වන විට ගෝලීය අවධානයට ලක්වී ඇති කොවිඩ් වයිරසයේ රෝග ලක්ෂණවලට සමානව චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින උණ හා සෙම්ප්‍රතිශ්‍යාව සහිත ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වය සීත සෘතුවේ පැතිරෙන ශ්වසන රෝගයක් බව නිවේදනයක් නිකුත් කරමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිං සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීන පුරවැසියන්ගේ සහ සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ චීන රජය චීන පුරවැසියන්ගේ සහ විදේශිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දැඩි සැලකිල්ලෙන් යුතුව පසුවන බවය.

කොවිඩ් වසංගතයෙන් දැඩි බලපෑම් එල්ල වූ ඉන්දියාවේ සෞඛ්‍ය බලධාරීන් ද චීනයේ ව්‍යාප්ත වන ශ්වසන රෝග තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් යුතුව සිටින බවත්, එම තත්ත්වය සාමාන්‍යයෙන් සීත සෘතුවේදී ව්‍යාප්ත වන රෝගී තත්ත්වයක් බැවින් නොසන්සුන්වීමට හේතුවක් නැති බවත් ඉන්දියාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අතුල් ගෝල් ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT