Home » ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී තිදෙනෙක් මරුට

ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී තිදෙනෙක් මරුට

by sachintha
January 6, 2025 1:59 am 0 comment

ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් හෙලිකොප්ටර් යානයක් කඩා වැටී එහි ගමන්ගත් පුද්ගලයන් තිදෙනා ජිවිතක්ෂයට පත්වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. ඊයේ දහවල් 12.00ට පමණ එම අනතුර සිදුවී ඇත්තේ ගුජරාට් ප්‍රාන්තයේ පෝබන්දාර් නුවර ගොඩ බෑමට උත්සාහ කිරීමේදී බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු ගිනි ගැනීමට ලක්වී ඇති අතර, බරපතළ තුවාල ලබා සිටි ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ සාමාජිකයන් තිදෙනා රෝහල්ගත කිරීමෙන් පසු මිය ගිය බව වාර්තා වේ.

අනතුරට හේතුව යාන්ත්‍රික දෝෂයක් බවට අනුමාන කර ඇති අතර, ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කළ බව ඉන්දීය වෙරළාරක්ෂක බළකාය ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT