Home » එංගලන්තයේ පුස්තකාලයකින් රැගෙන ගිය පොත වසර 31කට පසු යළි තැපෑලෙන් ලැබෙයි

එංගලන්තයේ පුස්තකාලයකින් රැගෙන ගිය පොත වසර 31කට පසු යළි තැපෑලෙන් ලැබෙයි

by sachintha
January 6, 2025 1:59 am 0 comment

වසර 1993 මාර්තු මාසයේදී එංගලන්තයේ ක්‍රෙඩිෂන් නුවර පුස්තකාලයකින් රැගෙන ගිය ළමා පොතක් වසර 31කට පසුව නැවත පුස්තකාලයට භාරදීමේ අපූරු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ‘Thomas’s ABC‘ නමැති එම ළමා අධ්‍යාපනික පොත පසුගියදා පුස්තකාලය වෙත තැපෑලෙන් ලැබුණු බව ක්‍රෙඩිෂන් පුස්තකාලයේ ‘ෆේස් බුක්‘ සමාජ මාධ්‍යජාලා පිටුවේ සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එම ළමා අධ්‍යාපනික කෘතිය නැවත පුස්තකාලයට භාරදීම පිළිබඳ පුස්තකාල පාලනාධිකාරිය සිය කෘතවේදීත්වය පළ කර ඇති අතර, පැරැණි ලිපිගොනු ඇවිස්සිමේදී එම කෘතිය රැගෙන ගිය දිනය 1993 මාර්තු මස 25 වැනිදා ලෙස සඳහන් වන බවත්, ඒ අනුව එම කෘතිය නැවත පුස්තකාලයට ලැබී ඇත්තේ වසර 31කුත්, මාස 6කට පසුව බවත් සඳහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT