Home » ලංකාවට ආපු රෝහින්ග්‍යා සෙට් එක ඇත්තම සරණාගතයෝදැයි හොයන්න මහජන ආරක්‍ෂක ඇමැතිගෙන් නියෝගයක්

ලංකාවට ආපු රෝහින්ග්‍යා සෙට් එක ඇත්තම සරණාගතයෝදැයි හොයන්න මහජන ආරක්‍ෂක ඇමැතිගෙන් නියෝගයක්

by chanaka
January 6, 2025 12:08 pm 0 comment

මුලතිව් ප්‍රදේශයේදී පසුගියදා මුදාගත් රෝහින්ග්‍යා සරණාගතයන් පිරිස සැබෑ සරණාගතයන් දැයි සොයාබැලීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර තිබේ.

කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු විමර්ශන සඳහා දැනට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටී.

තවත් 103 දෙනෙකු රැඳවුම් මධ්‍යස්ථානයක් ලෙස මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද මුලතිව් ගුවන් හමුදා කඳවුරට ගෙන ගිය බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ එම පිරිස යළි මියන්මාරයට යැවීමෙන් වළකින ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන කර ඇති ඉල්ලීම පිළිබඳ කළ අදහස් විමසීමකට ප්‍රතිචාර වශයෙනි.

2025 ජනවාරි 04 දිනැති ලිපියක් මගින් එම මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා තිබුණේ ඔවුන් පිළිගැනීමට කැමති වෙනත් රටකට යැවීමට කටයුතු කරන තෙක් ඔවුන්ට මෙහි රැකවරණය සලසන ලෙසයි.

දැනට සිදුකෙරෙන පරීක්ෂණවල ප්‍රතිඵල මත රජය ක්‍රියා කරන බව ඇමැති විජේපාල මහතා පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් මියන්මාර බලධාරීන් සමඟ ද සම්බන්ධ වී කටයුතු කරන බව විජේපාල ඇමැතිවරයා පවසයි.

මෙහි රඳවා සිටින පිරිස මිනිස් ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ බවට මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණවලින් පෙනී ගොස් ඇති බව ද ඇමැතිවරයා සඳහන් කර තිබේ.

අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට විවිධ උනන්දුවක් දක්වන පාර්ශ්වයන් විසින් රජයට බලපෑම් නොකරන බව ප්‍රකාශ කළ විජේපාල ඇමැතිවරයා, මිනිස් ජාවාරම් දිරිමත් නොකිරීම ඔවුන්ගේ වගකීම බව අවධාරණය කළේය.

මානව හිමිකම් කොමසාරිස් නිමල් G. පුංචිහේවා පවසන්නේ මතුව ඇති ගැටලුව පිළිබඳ සවිස්තර වාර්තාවක් හෙට (07) භාරදෙන බවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ආගමන විගමන නියෝජිතයන්ගෙන් කොමිසමට 2024 දෙසැම්බර් 31 දින සහතිකයක් ලැබුණු බවයි.

මුලතිව් ගුවන් හමුදා කඳවුරේ සිටින රැඳවියන් වෙත මානව හිමිකම් කවුන්සිලයේ කණ්ඩායමට ප්‍රවේශ වීමට අවසර දීම ගුවන් හමුදාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු පැහැදිලි කිරීමක් ඉල්ලා සිටි බව පුංචිහේවා පැවසීය.

පුංචිහේවාට අනුව, මානව හිමිකම් කොමිසමට වාර්තාව ලැබුණු පසු, ඔවුන්ගේ උතුරේ කාර්යාලවල ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ට රඳවාගෙන සිටින කණ්ඩායම බැලීමට හැකිය.

පසුගිය අඟහරුවාදා පැවති රැස්වීමේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ස්ථාවරය වී ඇත්තේ මෙහි රඳවා සිටින පිරිස මිනිස් ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ බවටයි.

1996 අංක 21 දරන මානව හිමිකම් කොමිසමේ පනතේ 11(ඈ) වගන්තියට අනුව කොමිසමේ බලතල සහ කාර්යයන් ශ්‍රී ලාංකික පුරවැසියන්ට පමණක් නොව ශ්‍රී ලංකාව තුළ රඳවා සිටින ‘ඕනෑම පුද්ගලයකුට’ ව්‍යාප්ත වන බව පුංචිහේවා පවසයි.

එබැවින්, මුලතිව් ගුවන් හමුදා කඳවුරට ප්‍රවේශ වීමට සහ ළමුන් ඇතුළු සියලුම සරණාගතයන් නිරීක්ෂණය කිරීමට කොමිෂන් සභාවට ව්‍යවස්ථාපිත බලය ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT