Home » මාංසභෝග ලොවේ සෙන්පති මුං
සුව හමුව

මාංසභෝග ලොවේ සෙන්පති මුං

by sachintha
January 6, 2025 1:52 am 0 comment

කඩල, කවුපි, මුංඇට, පරිප්පු, කොල්ලු සහ උලුඳු යන ධාන්‍ය වර්ග මාංසභෝග ගණයට අයත්ය. අධික පෝෂණ ගුණයෙන් යුතු ශක්තිජනක ආහාර වන මාංසභෝග නීරෝගි ජීවිතයක් සඳහා ගතයුතු පෝෂ්‍යදායි ආහාරයකි. නීරෝගි ජීවිතයකට අවශ්‍ය සමබල ආහාර වේලකට තිබියයුතුම ආහාරක් වන මාංසභෝග සිරුරට කිසිදු විසක් අපහසුවක් ඇති නොවේ.

තවද ධාන්‍ය වර්ගයන්ට අයත් තල, මෙනේරි, කුරක්කන් ද ගුණාත්මක බවෙන් ඉහළ ආහාරයන්ය.

එමෙන්ම බාර්ලි, කොල්ලු, තල, තණහාල් වැනි ධාන්‍ය වර්ගද පෝටීන් මෙන්ම අධික පෝෂණ ගුණයක්ද ලබාදේ.

මුං ඇට – ධාන්‍ය වර්ගවලින් ඉහළම තැනට පත්ව ඇති මුං ඇටවල පෝටීන් බෙහෙවින් වැඩිය. වෙනත් ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමෙන් ඇතිවන අපහසුතා කිසිවක් මුං ඇට ආහාරයට ගැනීමෙන් ඇති නොවේ. අනෙකුත් ආහාර ගැනීමේදී ඇතිවන උදරයේ වාතය පිරීම ආදී අපහසුතා මෙයින් ඇති වන්නේ නැත. මුං ඇට තැම්බූ වතුර ද මහඟු ඖෂධයකි. ප්‍රතිජීවක ගුණයෙන් ද මෙය ඉහළ තත්ත්වයක පවතියි. බෝවන රෝග ඇතිවූ රෝගීන්ට මුං ඇට තැම්බූ ජලය බීමට දෙන්නේ එහි ඇති ප්‍රතිජීවක ගුණය නිසාවෙනි. මුං ඇට ග්‍රෑම් සියයක ඇති පෝෂණ ගුණය.

ශක්තිය කැලරි 347, මේදය ග්‍රෑම් 1.2, කැල්සියම් මිලිග්‍රෑම් 124, යකඩ මිලිග්‍රෑම් 7.3, කැරොටින් මයික්‍රො ග්‍රෑම් 270, මැන්ගනීස් මිලිග්‍රෑම් 1.7, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 56.7, මැග්නීසියම් මිලි ග්‍රෑම් 97, නියැසීන් මිලිග්‍රෑම් 2.1, ප්‍රෝටීන් ග්‍රෑම් 24, පොස්පරස් මිලිග්‍රෑම් 326, තයිමින් මයික්‍රො ග්‍රෑම් 470.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT