මුලතිව් – පරන්තන් ඒ- 35 මාර්ගයේ පුලියම්පොක්කනෙයි පාලම මතින් පහළට ඇදවැටී මියගිය තරුණයන් දෙදෙනකුගේ මළ සිරුරු සහ ඔවුන් ගමන් කළ යතුරුපැදිය ඉකුත් (04) දා සොයා ගත් බව ධර්මපුරම් පොලීසිය කියයි.
මේ වනවිට අලුත්වැඩියා කරමින් පවතින මෙම පාලමේ රාත්රී කාලයේ දී අනතුරු ඇඟවීම පිණිස කිසිඳු සංඥාවක් සවිකර නොතිබීම නිසා තරුණයන් දෙදෙනා ගමන් කළ යතුරුපැදිය පාලමෙන් පහළට ඇදවැටී ඔවුන් ඒ ස්ථානයේම මියගොස් ඇතැයි වාර්තා වෙයි.
ප්රදේශවාසීන් පොලීසියට කළ දැනුම් දීමෙන් පසුව පොලීසිය පැමිණ මළ සිරුරු ගොඩ ගෙන ධර්මපුරම් රෝහලට යවා තිබේ. කිළිනොච්චිය මහේස්ත්රාත් ස්මාත් ජෙමිල් මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් ස්ථානීය මරණ පරීක්ෂණය පවත්වා මේ පිළිබඳව පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කළේය.
මියගිය දෙදෙනා අන්රන් චන්දන් (23) සහ සසිකරන් සිම්පුරදන් (21) යන තරුණයන් දෙදෙනා බවට හඳුනා ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබූ ජංගම දුරකතන දෙකක්, රන් දැම්වැලක්, ඔරලෝසුවක් හා මුදලින් රුපියල් 70,100ක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
තරුණයන් දෙදෙනා පරන්තන් සිට ත්රිකුණාමලයට යමින් සිටිය දී මෙම අනතුරට මුහුණපා තිබේ. ධර්මපුරම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.
උතුරු පළාත් විශේෂ
රසුල දිල්හාර ගමගේ