Home » විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයෙන් රටට විශාල වැඩ කොටසක් කළ හැකියි

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයෙන් රටට විශාල වැඩ කොටසක් කළ හැකියි

-ඇමැති මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන

by sachintha
January 6, 2025 2:31 am 0 comment

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන 16හි වැඩ කටයුතු ඉතා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා එම ආයතන ප්‍රධානීන්ට පූර්ණ සහාය සහ අදාළ ප්‍රතිපාදන ලබා දෙන බව විද්‍යා හා තාක්ෂණ ඇමැති මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා මහතා පැවසීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ පසුගියදා බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි සිය අමාත්‍යාංශයේදී විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදීය.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ රටට විශාල වැඩ කොටසක් ඉටුකිරීමට හැකි බවද මෙහිදී ප්‍රකාශ කළ ඇමැතිවරයා, මෙහිදී එම ආයතනවලින් පසුගිය කාලයේ සිදුවූ සේවාවන් සහ මෙම 2025 වර්ෂයේ ක්‍රියාත්මක වන වැඩසටහන් පිළිබඳව ද මෙහිදී සොයා බැලීය. එමෙන්ම මෙම වර්ෂයේ විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රය ක්‍රමවත්ව පෙරට ගෙන යාම සඳහා වැයවන ප්‍රතිපාදන පිළිබඳව ද මෙහිදී ඇමැති මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා අදාළ ආයතන ප්‍රධානීන්ගෙන් විමසා සිටියේය.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT