Home » ජනතාවගේ යහපතට ව්‍යවස්ථාදායකය මෙහෙයවීමට මන්ත්‍රී සහාය අපේක්ෂා කරනවා

ජනතාවගේ යහපතට ව්‍යවස්ථාදායකය මෙහෙයවීමට මන්ත්‍රී සහාය අපේක්ෂා කරනවා

-කථානායක, වෛද්‍ය ජගත් වික්‍රමරත්න

by sachintha
January 6, 2025 2:34 am 0 comment

අපහාසවලින් තොරව අර්ථවත් වාද විවාද ඔස්සේ ජනතා සුබසෙත පිණිස ව්‍යවස්ථාදායකය මෙහෙයවීම තම අරමුණ බවත්, ඒ සඳහා සියලු මන්ත්‍රීවරුන්ගේ සහාය අපේක්ෂා කරන බවත් කථානායක, වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසයි.

කථානායකවරයා මේ බව පැවසුවේ පෙරේදා (04) මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගෙන මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායකවරයා මෙලෙස ද කීවේය.

“වඩා ඵලදායී වාද විවාදවලින් මහජන සුබසෙත පිණිස කටයුතු කළ හැකි නියෝජිතයන්ගෙන් මෙවර පාර්ලිමේන්තුව සමන්විත බව පෙනෙන්න තිබෙනවා. තමන් නිවැරදි තීරණයක් ගත්තේ ද යන්න මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරකම්වලින් ඉදිරියේදී ජනතාවට පැහැදිලි වෙයි.

එහිදී මල්වතු මහානායක හිමියන් අදහස් දක්වමින් පැවසුවේ නව රජයේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන කා‍ලෝචිත අවශ්‍යතාවක් සපුරාලීමක් බවත්, ඒ තුළ මිනිසාගේ ආධ්‍යාත්මික පිරිසුදු බව ඇති කිරීම සඳහා ද අවධානය යොමු කර තිබීම වැදගත් බවත්ය.

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන සියලු අංශ එකතුවී ආධ්‍යාත්මික දියුණුව තුළින් රටේ ජනතාවගේ සැපවත් බව ඇති කිරීමට කටයුතු කළ යුතුයි. ජනතාවගේ සුබසෙත සඳහා බලපාන්නාවූ වැදගත් අණපනත් ගෙන ඒමට ව්‍යවස්ථාදායකය මෙහෙයවීම අපේක්ෂාවයි.”

අසේල කුරුළුවංශ

ඡායාරූපය – රුවන් මීගම්මන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT