34
ගෑස් මිල සූත්රය යටතේ තම ගෑස් මිල මේ මාසයේ නොවෙනස්ව පවතින බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 2024 දෙසැම්බර් මාසයේ නියම කළ මිල ගණන් තවදුරටත් පවතින බවත් එහි සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දක්වා ඇත.
කිලෝග්රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් හා කිලෝග්රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 1,482ක් ලෙස බවද එම නිවේදනයේ දක්වා ඇත.
සුභාෂිණී සේනානායක