67
හියුමන් මෙටානියුමෝනියා හෙවත් HMPV වයිරසය බිය විය යුතු කරුණක් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා “දිනමිණ“ට ඊයේ (05) පැවසීය. චීනයේ නව ශ්වසන ආසාදන රැල්ල ශීත ඍතුවේ දී බහුලව දක්නට ලැබෙන්නක් බව ද ජීවන්දර මහතා සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
මෙම වයිරසයෙන් ශ්වසන අපහසුතාවල වැඩි වීමක් ඇති කරන බවත් මෙම වයිරසය, නව වයිරසයක් හෝ වසංගත තර්ජනයක් නොවන බවත් ඒ මහතා පැවසුවේය.
කොවිඩ් වසංගතයෙන් පසු මිනිසුන් ශීත කාලයේ දී රෝගවලට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින්නේ යැයි ද ඔහු ප්‍රකාශ කළේය.
සන්ධ්‍යා කරුණාරත්න