Home » ආනයනික සහල් මෙ.ටොන් 88,000ක් මෙරටට

ආනයනික සහල් මෙ.ටොන් 88,000ක් මෙරටට

by sachintha
January 6, 2025 2:55 am 0 comment

මේ වන විට ආනයනික සහල් මෙට්‍රික් ටොන් 88,000ක් දිවයිනට පැමිණ තිබේ. පසුගිය 03 දින දහවල් 12 වන විට ආනයනය කර රේගුවෙන් නිෂ්කාශනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 88,000ක් ඉක්මවා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පැවසීය. ගෙන්වා ඇති මෙම සහල් තොගය අතරට කැකුළු සහල් ටොන් 34,000ක් සහ තැම්බූ සහල් ටොන් 54,000ක් වන බව ද හෙතෙම සඳහන් කළේය. සහල් ආනයනය එළැඹෙන ජනවාරි 10 දින දක්වා දීර්ඝ කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය ලැබුණි. අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ ඉදිකර ඇති රජයේ වී ගබඩා පිළිබඳ සොයා බැලීමක දී වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පෙරේදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම මස 10 වැනි දිනෙන් පසු සහල් ආනයනය කිරීමේ නිදහස් සීමාව ඉවත් කරන බව කියා සිටියේය.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT