ඉන්දීය රජයේ ආධාර සහිතව මහව සිට කන්කසන්තුරේ දක්වා ඇති දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේදී ඉවත් කරන ලද වටිනා යකඩ රේල් පීලී අති විශාල ප්‍රමාණයක් ඉතා අනාරක්ෂිතව දමා තිබෙන බව ජනතාව පවසති. මේවායින් විශාල ප්‍රමාණයක් දුම්රිය මාර්ගයට ආසන්න කැලෑබද ප්‍රදේශවල දමා තිබෙන අතර මේවන විටත් මේවායින් වැඩි ප්‍රමාණයක් කැලෑවට යටවී ගොස් විනාශයට ලක් වෙමින් පවතියි.
මෙම රේල් පීලි දමා ඇති ඇතැම් ස්ථාන ආශ්‍රිතව මාර්ග ද පවතින බැවින් කිසිඳු ආරක්ෂාවක් නොමැතිව දමා තිබෙන රේල් පීලි සොරුන්ගේ ග්‍රහණයට ලක්වීම සුලබ කරුණක් වන බව ද ජනතාව පෙන්වා දෙති. කිලෝ ග්‍රෑම් 600ක පමණ බරකින් යුක්ත බව කියන අලුත් යකඩ රේල් පීල්ලක වර්තමාන වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ දෙකහමාරක් බව ද පැවසේ. එම වටිනාකම අනුව බැලූවිට ඉවත් කරන ලද මෙම විශාල රේල් පීලි තොගය, යකඩ සඳහා විශාල මුදලකට අලෙවි කොට ආදායමක් උපයාගැනීමේ අවස්ථාව ද දුම්රිය දෙපාර්තමේන්තුවට පවතින බව ජනතාව සඳහන් කරති. එබැවින් අනාරක්ෂිතව සොරුන්ගේ ඉලක්කයක් බවට පත්ව ඇති මෙම රේල් පීලි තොගය ආරක්ෂා කිරීමේ වගකීම වර්තමාන රජයේ ප්‍රවාහන අමාත්‍යවරයා සතු වගකීමක් බව ජනතාව පෙන්වා දෙති.
කුරුණෑගල අතිරේක
පුෂ්පකුමාර ජයරත්න