Home » මීගමුව මාරිස්ටෙලා පිලේ ඕෂධගෙන් ඉනිමකදී කඩුලු 9ක්

මීගමුව මාරිස්ටෙලා පිලේ ඕෂධගෙන් ඉනිමකදී කඩුලු 9ක්

-19න් පහළ පාසල් ක්‍රිකට්

by sachintha
January 6, 2025 12:30 am 0 comment

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව සංවිධාන කරන අවුරුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ තරගයකදී කොළඹ ඩී.එස්. සේනානායක විදුහලට එරෙහිව දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ඉනිමකදී ලකුණු 38කට කඩුලු 9ක් දවාලීමට මීගමුව මාරිස්ටෙලා විදුහලේ ඕෂධ ගුණසිංහ සමත් විය.

මේ තරගයෙන් මාරිස්ටෙලා විදුහලට කඩුලු 6ක ජයක් හිමි විය.

මාරිස්ටෙලා පළමු ඉනිම – 246 (ඕවර 73.5) ෂෆ්නි ඩීන් 84, යොහාන් ආලෝක 83 (ශනාල් බිනුෂ්ක 52/4, දැහැම් නිර්මාල් 66/4) සහ දෙවැනි ඉනිම – 29/4 (ඕවර 7) (ශානල් බිනුෂ්ක 7/3)

ඩී.එස්. පළමු ඉනිම – 87 (ඕවර 29) සහන් යාපා 24 (මිනෙත් ප්‍රනාන්දු 34/5, යොහාන් ආලෝක 0/2, ඇන්ජලෝ ප්‍රනාන්දු 32/2) සහ දෙවැනි ඉනිම – 187 (ඕවර 65.1) මලිත පෙරේරා 55, ජනිඳු රණසිංහ 54, චනුල් අතලේ 23 (ඕෂධ ගුණසිංහ 38/9)

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT