Home » ‘ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන’ උලෙළේ දී ලේක්හවුස් මාධ්‍යවේදීන් සම්මානයට

‘ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන’ උලෙළේ දී ලේක්හවුස් මාධ්‍යවේදීන් සම්මානයට

by chanaka
January 7, 2025 9:19 pm 0 comment

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් සඳහා සම්මාන පිරිනමන ‘ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළ – 2023‘ උත්කර්ෂවත් ලෙස ගල්කිස්ස මහ හෝටලයේදී මේවන විට පැවැත්වේ.

ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ඒකාබද්ධව සංවිධාන කරන මෙම සම්මාන උලෙළ ජනමාධ්‍යයේ වෘත්තීය ප්‍රවීණත්වය හඳුනා ගැනීම සහ එහි විශිෂ්ටත්වයට පත්වූවන් අගය කිරීම සඳහා පැවැත්වෙන අතර මෙවර සම්මාන උලෙළේදී වර්ගීකරණයන් 18ක් වෙනුවෙන් සම්මාන පිරිනැමේ.

ඒ අනුව ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) මාධ්‍යවේදීන් සය දෙනෙකු මෙහිදී සම්මානයට පාත්‍ර විය.

ඒ අනුව,

01. වසරේ හොදම ක්‍රීඩා මාධ්‍යවේදියාට හිමි සම්මානය (සිංහල) සිළුමිණ පුවත්පතේ ෆවුස් මොහොමඩ්

02.වසරේ හොදම සෞඛ්‍ය හා වෛද්‍ය වාර්තාකරණයට හිමි සම්මානය (සිංහල) සිළුමිණ පුවත්පතේ සුරේකා නිල්මිණි ඉලංගකෝන්

03. වසරේ හොදම සෞඛ්‍ය හා වෛද්‍ය වාර්තාකරණයට හිමි සම්මානය (දෙමළ) තිනකරන් පුවත්පතේ මර්ලින් මරික්කාර්

04.වසරේ හොදම ක්‍රීඩා මාධ්‍යවේදියාට හිමි සම්මානය (දෙමළ) මොහොමඩ් ෆිර්දවුස්

05. වසරේ හොදම ව්‍යාපාර හා මූල්‍ය වාර්තාකරණයට හිමි කුසලතා සහතිකය (සිංහල) සිළුමිණ පුවත්පතේ රසික කොටුදුරගේ

06. වසරේ හොඳම සමාජ සංවර්ධන වාර්තාකරණය සඳහා වූ සුබ්‍රමනියම් චෙට්ටියාර් කුසලතා සහතිකය (ඉංග්‍රීසි) ඩේලිනිවුස් පුවත්පතේ නදීරා ගුණතිලක, විසින් හිමි කර ගන්නා ලදි.

මේ අතර ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් සේවයේ නිරතව සිටින ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පස්දෙනෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිරිනමන ‘දීර්ඝ සේවා සම්මාන‘ පිරිනැමීම මෙහිදී විශේෂත්වයකි. මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ බෙනට් රූපසිංහ, එම්.එන්. අමීන්, චන්ද්‍රිකා විජේසුන්දර, සැනීටා කරීම් සහ එස්. යෝගමූර්ති යන ප්‍රවීණයන් මෙම උත්සවයේ දී ඇගැයීමට ලක්විය.

මෙවර සම්මාන උලෙළ පැවැත්වෙන්නේ 25 වැනි වරට ය.

 

 

ඡායාරූප – නිස්සංක විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT