Home » ලොව විශිෂ්ටයෝ 19 දෙනකුට බයිඩ්න් නිදහසේ පදක්කම් පලඳවයි

ලොව විශිෂ්ටයෝ 19 දෙනකුට බයිඩ්න් නිදහසේ පදක්කම් පලඳවයි

by sachintha
January 7, 2025 2:55 am 0 comment

අමෙරිකාවේ සමෘද්ධිය, සාරධර්ම හෝ ආරක්ෂාව සමඟ ලෝක සාමය හෝ වෙනත් වැදගත් සමාජයීය සහ පොදු කාර්යභාරය වෙනුවෙන් අමෙරිකාවේ ජනාධිපතිවරයාගේ නිදහසේ පදක්කම මෙවර පුද්ගලයන් 19 දෙනකුට පිරිනැමූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය එරට ඉහළම පුරවැසි සම්මානය ද වන අතර, විශිෂ්ටත්වය අගයමින් 1963 වසරේ සිට නිදහසේ පදක්කම් පිරිනැමෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඩිමොක්‍රටික් පක්ෂයේ හිටපු ජනාධිපති අපේක්ෂිකාවක වන හිලරි ක්ලින්ටන්, ප්‍රවීණ හොලිවුඩ් නළු මයිකල් ජේ. ෆොක්ස්, සුපිරි පාපන්දු තරුව ලයනල් මෙසී ඇතුළු දේශපාලන, සංස්කෘතික, කලා හා ක්‍රීඩා ක්ෂේත්‍රය තුළින් ලොව පුරා විශිෂ්ට කාර්යභාරයක් ඉටු කළ පුද්ගලයන් 19 දෙනකුට පසුගියදා ධවල මන්දිරයේදී පදක්කම් පැලඳවීම සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT