තමන් කිසිඳු බල දේශපාලන ව්‍යාපෘතියකට මොනම හෝ ආකාරයකින් දායක නොවන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධ කිරීම සඳහා කරු ජයසූරිය මහතා මැදිහත් කර ගැනීමට එක්තරා මන්ත්‍රීවරු පිරිසකගේ සූදානමක් පිළිබඳ පළවී ඇති ප්‍රවෘත්ති වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයට නායකත්වය ලබා දෙමින් ශ්‍රී ලංකේය ජන සමාජයේ උන්නතිය වෙනුවෙන් කැපවීම හැරෙන්නට තමන් මොනම ආකාරයකින් හෝ බල දේශපාලන ව්‍යාපෘතිවලට දායකත්වය නොදෙන බව හෙතෙම කියයි.
තමා බල දේශපාලන කඳවුරක කුමන ආකාරයක කොටස්කරුවකු හෝ අනුග්‍රාහකයකු ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් නොවුනද රටට ආදරයක් හා රට කෙරෙහි ගෞරවයක් ඇති පුරවැසියකු ලෙස පොදු සමාජ යහපත උදෙසා වන තම උපරිම කැපවීම ඉදිරි ජීවිත කලය පුරාම සිදුකිරීම තම අධිෂ්ඨානය වන බවත් හෙතෙම කියයි.
නුවන් කොඩිකාර