Home » සජබ-එජාප අනාගතයේදී එක් වේවි

සජබ-එජාප අනාගතයේදී එක් වේවි

-මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර

by sachintha
January 7, 2025 2:09 am 0 comment

සමගි ජන බලවේගය තුළ කිසිදු ගැටුමක් නොමැති බවත්, ඇතැම් පිරිස් නැති ගැටුම් මවා පෙන්වීමට උත්සාහ කරන බවත් එම පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර එකතුවීමක් පාක්ෂිකයන්ගේ පැත්තෙන් යෝජනා වෙනවා. අනාගතයේදී එවැනි එක්වීමක් සිදු විය හැකියි. අපි හැමදාම මාධ්‍ය ආරක්ෂා කළා. මාධ්‍යවලට නිදහසේ ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව දුන්නා. විපක්ෂයේ සිටියදී මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී සිටි වත්මන් ආණ්ඩුව මාධ්‍ය මර්දනය කරන්න හදනවා. ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී සිටිනවා. එදා බලය නොමැති අවස්ථාවේ කියූ දේවල් නෙවෙයි ආණ්ඩුව අද කරන්නේ. ගොවීන්ගේ පොහොර සහනාධාර මුදල් තාමත් බැංකුවලට ගිහින් නෑ. මේ ගැන විමසුවාම කියන්නේ සුළු පිරිසකට මුදල් ගිහින් නෑ කියලයි. නමුත් වැඩි පිරිසකට සහනාධාර මුදල් මෙතෙක් ලැබී නෑ. විරුද්ධ පක්ෂයේ සිටියදී වගා හානි වෙනුවෙන් අක්කරයකට රුපියල් ලක්ෂයක් ගෙවනවා කිවුවා. දැන් 40,000යි කියනවා. ඒකත් ගෙවන්නේ නෑ. කුඹුරුවල බැහැලා හිටපු නායකයන් ගොවීන්ගේ ප්‍රශ්න අමතක කර දැන් ශීත කාමරවල ඉන්නවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි අද රට පාලනය කරන්නේ. ඔවුන්ට ඕන විදිහට තමයි වැඩ සිදු වන්නේ. පළාත් පාලන මැතිවරණයට අදාළ පසුගිය නාමයෝජනා අවලංගු කරන්න දැනට ගැසට් පත්‍රය නිකුත් කර තියෙනවා. පාර්ලිමේන්තුවට යෝජනාව ගේනවා කියලා කියනවා. මාර්තු වන විට පළාත් පාලන මැතිවරණය පවත්වන බව තමයි ප්‍රකාශ වෙන්නේ. කවදා පැවැත්වුවත් අපි සූදානම්. පළාත් පාලන මැතිවරණයේදී ජනතාව මේ ආණ්ඩුවට හොඳ සංඥාවක් දෙයි.”

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT