Sunday, May 11, 2025
Home » ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්න ආණ්ඩුව අසමත් වෙලා

ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්න ආණ්ඩුව අසමත් වෙලා

-හිටපු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම්

by sachintha
January 7, 2025 2:10 am 0 comment

පොරොන්දු ඉටු කිරීමට අසමත්වීම වසන් කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ජනතාවගේ අවධානය වෙනතකට යොමු කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (06) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ හිටපු මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“මේ රටට, ජනතාවට බොරු පොරොන්දු දී බොරුවෙන්, වංචාවෙන් බලය ගත් මේ රජය මේ වන විට තමන් දුන් පොරොන්දු ඉටු කිරීමට අසමත්වීම මත ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඔවුන් පොරොන්දු වූ පරිදි ජනතාවට ලාභෙට සහල් දෙන්න, ලාභෙට විදුලිය දෙන්න, ලාභෙට ඉන්ධන දෙන්න අසමත් වෙලා තිබෙනවා. ඒ වගේම පොරොන්දු වූ පරිදි ගොවීන්ට පොහොර සහනාධාරය දෙන්න අසමත් වෙලා තිබෙනවා. මේ රටේ සියයට අනූවක්ම හොරකම, සියයට දහයක් වැඩ කෙරෙන්නේ කිව්වා. දැන් දින සියයක් වැඩ කර තිබෙනවා. දින සිය ඇතුළත ඒ සියයට අනූවේ හොරකම නවත්වා මේ රට සංවර්ධනය කරන්න අසමත් වෙලා තිබෙනවා. ඒ සියයට අනූවේ හොරකම දැන් යන්නේ ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ සාක්කුවට ද කියන ප්‍රශ්නය ජනතාව අසමින් සිටිනවා.

මේ ආකාරයෙන් ඔවුන් දුන් පොරොන්දු සියල්ල ඉටු කිරීමට අසමත් වෙලා සිටින රජය එය වසන් කරන්න ජන අවධානය වෙනතකට යොමු කරන්න කටයුතු කරමින් සිටිනවා. අපි දකිනවා Clean Sri Lanka කියලා වැඩසටහනක් පටන්ගෙන තිබෙනවා. මෙය මීට අවුරුදු පනස් ගාණකට කලින් සිංගප්පූරුවේ ක්‍රියාත්මක කළ වැඩසටහනක්. මෙය සංකල්පයක් වශයෙන් හොඳ වැඩසටහනක්. නමුත් අවුරුදු පනහකට කලින් සිංගප්පුරුවේ කළ වැඩසටහනක් ඒ ආකාරයෙන්ම මෙරට ක්‍රියාත්මක කරන්න ගිහින් මේ ආණ්ඩුව අද ඕනෑකමින් ප්‍රශ්න ඇති කරමින් සිටිනවා.”

 

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT