නැඟෙනහිර ගුරු පුරප්පාඩු සඳහා 2025 වසරට අදාළව ගුරු සේවයට බඳවා ගැනීමේ මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා පවසයි. රැකියා විරහිත නැඟෙනහිර උපාධිධාරීන් පිරිසක් ත්‍රිකුණාමලය ආණ්ඩුකාර කාර්යාලයේ දී ආණ්ඩුකාරවරයා මුණගැසුණු අවස්ථාවේ මෙම කරුණු අනාවරණය කෙරිණි.
2024 වර්ෂයේ ගුරු සේවය සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ ප්‍රමාදය නිසා නැඟෙනහිර උපාධිධාරීන් මුහුණ දී ඇති ගැටලු රැකියා විරහිත උපාධිධාරීන් මෙහිදී ආණ්ඩුකාරවරයාට පෙන්වා දෙනු ලැබීය.
මෙහිදී ආණ්ඩුකාරවරයා පැවසුවේ එම ප්‍රමාදය මඟ හරිමින් මේ මස අග සුදුස්සන්ට පත්වීම් ලබා දීමට කටයුතු කරන බවයි. 2025 වර්ෂයට සිදු කරන බඳවා ගැනීම්වල දී රැකියා විරහිත උපාධිධාරීන් කළ ඉල්ලීම සලකා බලන බව කී ආණ්ඩුකාරවරයා මෙම ක්‍රියාවලිය තරමක් දුරට සංකීර්ණ බවද අවධාරණය කළේය.
ත්‍රිකුණාමලය විශේෂ
ඒ.ටී.එම්. ගුණානන්ද අමරජීව