චීනයට අයත් ටිබෙට් කලාපයේ ෂීසැං පළාතේ සිදුවූ ප්‍රබල භූකම්පනයකින් මියගිය පුද්ගලයන් ගණන 126 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටිබෙට් දේශයේ කඳුකර ප්‍රදේශය ආශ්‍රිතව සිදුවූ එම භූ කම්පනයෙන් බිඳ වැටුණු නිවාස සහ ගොඩනැඟිලි සුන්බුන් අතර තවමත් ජීවතුන් අතර සිටින පුද්ගලයන් සොයා මෙහෙයුම් සිදු කරන බවත්, ඒ සඳහා 14,000කට වැඩි සේවකයන් පිරිසක් යොදවා ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එවරස්ට් කන්දට කිලෝමීටර් 80ක පමණ දුරින් එම භූ කම්පනයෙන් මේ වනවිටත් පුද්ගලයන් 400කට වැඩි පිරිසක් මුදා ගෙන ඇති අතර, මේ දිනවල පවතින සීත සෘතුව හේතුවෙන් මුදා ගැනීමේ මෙහෙයුම් අඩාල වී ඇතැයි ද වාර්තා වේ.
භූ කම්පනය හේතුවෙන් විනාශයට පත් ගොඩනැඟිලි ප්‍රමාණය 3,600කට වැඩි බව නිලධාරීන් විසින් ඇස්තමේන්තු කර ඇති බැවින් දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන් වූ බවට වාර්තා වේ.