Sunday, May 11, 2025
Home » ඉන්දි­යාව සහ ප්‍රංශය අතර ඩොලර් බිලි­යන 10ක ආර­ක්ෂක ගනු­දෙ­නු­වක්

ඉන්දි­යාව සහ ප්‍රංශය අතර ඩොලර් බිලි­යන 10ක ආර­ක්ෂක ගනු­දෙ­නු­වක්

by Gayan Abeykoon
January 9, 2025 1:22 am 0 comment

ඉන්දි­යාව සහ ප්‍රංශය අතර අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 10ක ආර­ක්ෂක ගනු­දෙ­නු­වක් සිදු කිරී­මට නිය­මිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලබන පෙබ­ර­වා­රි­යට නිය­මිත ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රංශ සංචා­ර­යට පෙර ඒ සඳහා වන කැබි­නට් කමිටු අනු­මැ­තිය ලැබෙනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

පෙබ­ර­වාරි මස 10 සහ 11 දෙදින ප්‍රංශයේ පැවැ­ත්වෙන කෘත්‍රිම බුද්ධි සමු­ළු­වට ඉන්දීය අග­මැ­ති­ව­රයා සහ­භාගි වීමට නිය­මි­තව ඇති අතර, දෙරට අතර එම මහ­ප­රි­මා­ණයේ ආර­ක්ෂක ගනු­දෙ­නුව සම්බන්ධ කට­යුතු අව­සන් කර­ගැ­නීම ඉන්දීය රජයේ අපේ­ක්ෂාව වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

ප්‍රංශයේ නිෂ්පා­ද­නය කරනු ලබන රෆා­යෙල් ප්‍රහා­රක ජෙට් යානා 26ක් මිලදී ගැනීම සහ ඉන්දීය නාවික හමු­දා­වට ගුව­න්යානා රැගෙන යන නෞකා සහ නවීන තාක්ෂ­ණ­යෙන් යුතු සබ්මැ­රීන 3ක් මිලදී ගැනීම එම ආර­ක්ෂක ගනු­දෙ­නු­වට ඇතු­ළත් බව ද වාර්තා වේ. එම ආර­ක්ෂක ගනු­දෙ­නුව සඳහා ඉදිරි සති දෙක ඇතු­ළත කැබි­නට් කමි­ටුවේ අනු­මැ­තිය ලැබෙනු ඇතැයිද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT