Saturday, May 10, 2025
Home » ක්ෂය රෝග තත්ත්ව­යට ගොදු­රු­වූ­වන් බස්නා­හිර පළාත තුළ අට දහ­ස­කට ආස­න්නයි

ක්ෂය රෝග තත්ත්ව­යට ගොදු­රු­වූ­වන් බස්නා­හිර පළාත තුළ අට දහ­ස­කට ආස­න්නයි

සෞඛ්‍ය අධ්‍යා­පන නිල­ධා­රිනී සන්ධ්‍යා කුමු­දුණී

by Gayan Abeykoon
January 9, 2025 1:00 am 0 comment

කොට­දෙ­ණි­යාව සමූහ - එම්. පුෂ්ප­කු­මාර

ක්ෂය රෝග තත්ත්ව­යට ගොදු­රු­වූ­වන් අට­ද­හ­ස­කට ආසන්න පිරි­සක් බස්නා­හිර පළාත තුළ ඇතැයි සැක කරන බවත් දෙස­ති­ය­කට වඩා කැස්ස පව­තින්නේ නම් වහාම ළඟම රජයේ රෝහ­ලට ගෙස් පරීක්ෂා කර ගැනීම වඩාත් සුදුසු වන්නේ යැයි ක්ෂය රෝග මර්දන ජාතික වැඩ­ස­ට­හනේ සෞඛ්‍ය අධ්‍යා­පන නිල­ධා­රිනී සන්ධ්‍යා කුමු­දුණී මහ­ත්මිය සඳ­හන් කළේය.

ඇය මේ බව සඳ­හන් කළේ කල්එ­ළියේ පැවති සෞඛ්‍ය අධ්‍යා­ප­නික ප්‍රද­ර්ශ­න­ය­ක­දීය.

“2035දී ලංකා­වෙන් ක්ෂය රෝගය තුරන් කිරීම අපේ අර­මු­ණයි. මෙම රෝගය පිළි­බ­ඳව බිම්ම­ට්ට­මින් කෙත­රම් දැනු­ම්වත් කිරීම් කළත් ලජ්ජාව නිසා රෝග තත්ත්වය හංගා­ගෙන ඉන්නවා. රෝග­යට අවශ්‍ය කරන සියලු පරී­ක්ෂණ හා ප්‍රති­කාර රජයේ ඕනෑම රෝහ­ල­කින් නොමි­ලේම ලබා ගැනීමේ පහ­සුව මෙන්ම අවශ්‍ය කරන බෙහෙත් අවශ්‍ය පරිදි අප සතුව පව­ති­නවා. කිසි­වෙ­කුට හෝ ප්‍රති­කාර සඳහා මුදල් වැය කරන්න සිදු වෙන්නේ නැහැ.

සති දෙක­කට වඩා කැස්ස පව­තින්නේ නම් රජයේ රෝහ­ල­කින් පරීක්ෂා කර ගැනී­මෙන් පසු මාස හය­කදී අනි­වා­ර්ය­යෙන්ම සුව­වීමේ හැකි­යාව පව­තින බවද අධ්‍යා­පන නිල­ධා­රිනී කුමු­දුනී මහ­ක­ත්මිය සඳ­හන් කළාය.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT