Saturday, May 10, 2025
Home » එකට මත්පැන් බී මිතු­රාගේ පාදය වෙන් වෙන්නම කපලා

එකට මත්පැන් බී මිතු­රාගේ පාදය වෙන් වෙන්නම කපලා

by Gayan Abeykoon
January 9, 2025 1:00 am 0 comment

පොතු­පි­ටිය - සුමිත් ප්රේම­ති­ලක හල්තොට සමූහ - විනීතා මානෙල් ගමගේ

පාන­දුර, පින්වත්ත ප්‍රදේ­ශයේ දී පෙරේදා (07) රාත්‍රියේ මත්පැන් පානය කරන අත­ර­තුර ඇතිවූ කතා­බ­හක් දුර­දිග යාමෙන්, මන්න­ය­කින් මිතු­රාගේ පාදය වෙන් වෙන්නම කපා දැමූ බව කියන පුද්ග­ල­යකු අත්අ­ඩං­ගු­වට ගත් බවත්, කපා දැමූ පාදයේ කොටස ඊයේ (08) උදෑ­සන වට විටත් සොයා­ගැ­නී­මට නොහැකි වූ බවත් පින්වත්ත පොලී­සිය පව­සයි. මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ පාන­දුර, පින්වත්ත ප්‍රදේ­ශයේ පදිංචි 42 හැවි­රිදි පුද්ග­ල­යෙකි.

තුවා­ල­කරු සහ සැක­කරු පින්වත්ත දුම්රිය මාර්ගය ආස­න්නයේ මත්පැන් පානය කර­මින් සිට ඇති බවත්, ඇතිවූ කතා­බ­හක් දුර­දිග යාමෙන් මන්න­ය­කින් පාද­යට සහ උර­හි­සට පහ­රදී ඇති බවත් මෙතෙක් කළ පරී­ක්ෂ­ණ­ව­ලදී හෙළි වී තිබේ. පහ­ර­දීම සිදු­කි­රී­මෙන් පසු සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන, පහ­ර­දී­මට යොදා­ගත් බව කියන මන්නා පිහිය ද පොලිස් භාර­යට ගෙන ඇත. තුවා­ල­කරු පාන­දුර මූලික රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් පසු කොළඹ ජාතික රෝහ­ලට මාරු­කර යැවූ බව රෝහල් ප්‍රකා­ශ­ක­යකු කීය. සැක­කරු පාන­දුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබිණි. ස්ථානා­ධි­පති, ප්‍රපොප පත්ම­න­න්දන මහ­තාගේ උප­දෙස් පරිදි, උපොප එච්.එම්. හේරත් මහතා ඇතුළු නිල­ධා­රීහු පරී­ක්ෂණ පව­ත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT