පානදුර, පින්වත්ත ප්රදේශයේ දී පෙරේදා (07) රාත්‍රියේ මත්පැන් පානය කරන අතරතුර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන්, මන්නයකින් මිතුරාගේ පාදය වෙන් වෙන්නම කපා දැමූ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත්, කපා දැමූ පාදයේ කොටස ඊයේ (08) උදෑසන වට විටත් සොයාගැනීමට නොහැකි වූ බවත් පින්වත්ත පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, පින්වත්ත ප්රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.
තුවාලකරු සහ සැකකරු පින්වත්ත දුම්රිය මාර්ගය ආසන්නයේ මත්පැන් පානය කරමින් සිට ඇති බවත්, ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් මන්නයකින් පාදයට සහ උරහිසට පහරදී ඇති බවත් මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළි වී තිබේ. පහරදීම සිදුකිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන, පහරදීමට යොදාගත් බව කියන මන්නා පිහිය ද පොලිස් භාරයට ගෙන ඇත. තුවාලකරු පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බව රෝහල් ප්රකාශකයකු කීය. සැකකරු පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ස්ථානාධිපති, ප්‍රපොප පත්මනන්දන මහතාගේ උපදෙස් පරිදි, උපොප එච්.එම්. හේරත් මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.